Loading...

,

ජනපති සහ නීතිපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ නීතිපති පාරින්ද රණසිංහ මහතා අතර හමුවක් අද (06) පස්වරුවේ සිදුවීමට නියමිත බව වාර්තා වනවා.

දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී මෙම හමුව සිදුවීමට නියමිත බවයි.

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කතෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමට අදාළ නඩුවේ සැකකරුවන් තිදෙනෙක් නීතිපතිවරයා විසින් මුදා හැරීමට නිර්දේශ කිරීමේ සිදු වීම අද වන විට සමාජය තුළ මහත් ආන්දෝලනයකට පත්ව තිබෙනවා.

එම කරුණ මුල් කරගනිමින් මෙම හමුව සිදුවන බවටයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

නීතිපතිවරයාගේ මෙම නිර්දේශයට ආණ්ඩුවේ කිසිඳු මැදිහත්වීමක් නොමැති බවත් එම නිර්දේශ පිළිබඳව අධ්‍යයනය කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (05) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කියා සිටියා.

කෙසේ වෙතත් නීතිපතිවරයාගේ මෙම අන්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය පලකරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය අද (06) දහවල් 12 ට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපිට විරෝධතාවයක්ද සංවිධානය කර තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *