එළැඹෙන ජනාධිපතිවරණය සඳහා 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමන පනත යටතේ බලතල ක්‍රියාත්මක කරන මෙන් දන්වමින් අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් මැතිවරණ කොමිසම වෙත ලිඛිතව දැනුම් දී තිබෙනවා.
අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ පාර්ලිමේන්තු මැතිවරණවල දී සිදුවන නීතිවිරෝධී ක්‍රියා, අල්ලස්, කප්පම් වැනි සිදුවීම් සඳහා වර්තමානයේ පවතින සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ නීතිය අකර්මන්‍යයවී ඇති බවයි.
මේ අනුව මැතිවරණ සංස්කෘතිය වෙනස් කර නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වූ ප්‍රජාතන්ත්‍රවාදයක් සඳහා මැතිවරණ කොමිසමේ පුර්ණ සහයෝගය ඇතිව 2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගත් බවද ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.
ඒ හේතුවෙන් ඉදිරි මැතිවරණය සඳහා අදාළ පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කළ බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටිනවා.








Leave a Reply