දැනුම හුවමාරු වැඩසටහනක් යටතේ චීනයේ සංචාරය කරමින් සිටි අමෙරිකානු ජාතික අධ්‍යාපන උපදේශකයින් සිව් දෙනෙක්ට පිහි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ චීනයේ ජිලින් පළාතේ මහජන උද්‍යානයකදී මෙම පිහි ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
ඔවුන් පිරිස පන්සලක් වෙත පා ගමනින් යමින් සිටි අවස්ථාවේදී තියුණු ආයුධයකින් සන්නද්ධව පැමිණි පුද්ගලයෙක් විසින් එම ප්‍රහාරය එල්ල කර තිබුණා.
කෙසේ වෙතත් මෙම ප්‍රහාරය පිළිබඳව චීන බලධාරීන් මෙතෙක් කිසිඳු ප්‍රකාශයක් නිකුත් කර නොමැති බව සඳහන්.
තුවාල ලැබූ සිව් දෙනාගේ තත්ත්වය බරපතල නොවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
Leave a Reply