Loading...

,

මැතිවරණ කොමිසමේ නිලධාරීන් පිරිසක් තෙල් සංස්ථාවට කඩා පැනලා

ජනාධිපතිවරණයක් කැඳවා තිබෙන මොහොතක දේශපාලන හිතවත්කම් මත ඉන්ධන පිරවුම්හල් දීමට ඇති බවට මැතිවරණ කොමිසමට ලද පැමිණිල්ලක් මත ඊයේ (08) මැතිවරණ කොමිසම විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

මෙම විමර්ශනය සඳහා මැතිවරණ කොමිසම පොලීසිය සමඟ ඛනිජ තෙල් සංස්ථා ප්‍රධාන කාර්යාලයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී කොමිෂන් සභාවේ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් තෙල් සංස්ථාවේ සභාපතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමු වී මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර ඊට අදාළ ලිපි ගොනු පරීක්ෂාවක් කර ඇති බවද සඳහන්.

ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කර තිබියදී ඇමතිවරයා ඉන්ධන පිරවුම්හල් බෙදා දෙන බවටත් ප්‍රතිසංස්කරණයට මුවා වී සේවකයන්ගේ රැකියා කප්පාදුවක් සිදුකරන බවටත් මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිලි කිහිපයක් සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී අවධානය යොමු කර තිබෙනවා.

තවද හම්බන්තොට දී අලුතින් විවෘත කිරීමට සුදානම් වන ඉන්ධන පිරවුම්හලක් පිළිබඳව මෙහිදී අවධානය යොමුව ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් එහිදී තෙල් සංස්ථ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ එම ඉන්ධන පිරවුම්හල සඳහා 2019 දී අනුමැතිය ලැබුණද එය ඉදිකර විවෘත කිරීමට සූදානම්කර තිබුණේ මෑතකදී බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *