ජනාධිපතිවරණ හිටපු අපේක්ෂකයෙකු මීට පෙර පැවැති ජනාධිපතිවරණයේ දී දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මෙරට මුදලින් රුපියල් කෝටි 25කට ආසන්න වටිනා අමෙරිකානු ඩොලර් තොගයක් මුදල් සේප්පුවක රහසිගතව තැන්පත් කර තිබියදී ඒවා වේයන් කා විනාශ වී ඇති බව වාර්තා වනවා.
විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ මෙම වේයන් කෑ ඩොලර් නෝට්ටු තොගය වෙනුවට අලුත් ඩොලර් නෝට්ටු මෙම හිටපු අපේක්ෂකයාගේ ඉල්ලීම මත ප්‍රධානියකු මැදිහත් වී ඔහුට මෑතකදී නිකුත් කර ඇති බවයි.
ඉදිරි ජනාධිපතිවරණයේ දී සහාය ලබා ගැනීමේ අරමුණින් අදාළ ප්‍රධානියා හිටපු අපේක්ෂකයාට මෙලෙස උදව් කර තිබෙනවා.
හිටපු අපේක්ෂකයාට පසුගිය ජනාධිපතිවරණයේ දෙස් විදෙස් පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණු මෙම ඩොලර් අධිකරණ ක්‍රියාවලියකින් පසුව නැවත ඔහුට හිමිව ඇති බව සඳහන්.
මේ අනුව එම ඩොලර් ලබා ගැනීමට පසුගිය දිනක ඒවා තැන්පත් කෙරුණු මුදල් සේප්පුව පරික්ෂා කර ඇති අවස්ථාවක දී වේයන් කා විනාශ වී ඇති බව හෙළිව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වාර්තා වන්නේ.
Leave a Reply