හංවැල්ල ප්‍රදේශයේ දී තම දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට තබාගෙන සිටි පියෙකු පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (05) රාත්‍රී කාලයේ හංවැල්ල, ජල්තර, රාජ්‍ය සේවක නිවාස සංකීර්ණයේ පදිංචි පුද්ගලයෙකු තම බිරිඳ ඝාතනය කිරීම සඳහා අත්බෝම්බයක් ද රැගෙන සිය නිවස වෙත පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් අදාළ අවස්ථාවේදී දරුවන්ගේ මව නිවසින් පළා ගොස් ඇති අතර එම පුද්ගලයා විසින් ඔහුගේ දරුවන් දෙදෙනා නිවසේ කාමරයක ප්‍රාණ ඇපයට තබාගෙන සිට තිබෙනවා.
වයස අවුරුදු 10ක දැරියක් සහ වයස අවුරුදු දෙකක කුඩා පිරිමි ළමයෙක් මෙලෙස ප්‍රාණ ඇපයට ගෙන සිට ඇති බව වාර්තා වනවා.
මේ සම්බන්ධව ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ හංවැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
පැයක පමණ කාලයකට පසුව දරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකායට හැකියාව ලැබී ඇති අතර පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් හංවැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
Leave a Reply