එංගලන්තයේ ප්‍රකට පාලමක් අසල සුට්කෙස්වල තිබී මිනිස් සිරුරු කොටස් හමුව තිබෙනවා.
ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය සඳහන් කළේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව මිනීමැරුම් චෝදනා මත පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බවයි.
Yostin Andres Mosquera නම් 34 හැවිරිදි කොලොම්බියා ජාතිකයෙක් සිද්ධියට සැකපිට අත්අඩංගුවට පත්ව ඇති බව සඳහන්.
බ්‍රිස්ටල් හි පිහිටි ක්ලිෆ්ටන් පාලම තිබී සිරුර කොටස් සහිත සුට්කේස් හමුව ඇති අතර සැකකරුගේ නිවසේ තිබී තවත් සිරුර කොටස් හමුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී ඝාතනය කර ඇත්තේ 62 හැවිරිදි සහ 71 හැවිරිදි වැඩිහිටි පුද්ගලයින් වන අතර සැකකරු කලකට පෙර ඔවුන් දෙදෙනා ජීවත් වූ නිවසේ වාසය කර තිබු බවද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
Leave a Reply