හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයට වෙඩි තැබීමේ සිද්ධිය සැලකිල්ලට ගෙන අමෙරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව ඇතුළු යුරෝපා හා බටහිර රටවල් සඳහා වීසා නිකුත් කිරීමේදී දැඩි ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට තීරණය කර තිබෙනවා.
මේ තත්ත්වය හේතුවෙන් විදේශීය රටවල් සඳහා වීසා ඉල්ලුම් කරන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක්ට වීසා ලබා ගැනීමට සති ගණනාවක් බලා සිටීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ මේ වන විට පවතින තත්ත්වය මුල් කරගෙන බොහෝ පිරිස් සංචාරක වීසා මත විදෙස්ගත වී රැකවරණය අයදමින් සිටිනවා.
මේ තත්ත්වය යටතේ ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාදීමේදී දැඩිව සොයා බලන ලෙස පසුව විදෙස් තානාපති කාර්යාල රැසක් එම කාර්යාලවල නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.
මෙහිදී දේශපාලනඥයන් සහ ඔවුන්ගේ දරුවන් හා ඥාතීන් විසා ඉල්ලුම් කිරීමේදී දැඩිව සොයා බැලීමටයි තීරණය කර ඇත්තේ.
Leave a Reply