චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ පළමු වටයෙන්ම සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සහ බංග්ලාදේශය කණ්ඩායම ඉවත් වීමට සිදු වුණා.
ඒ ඊයේ (24) බංග්ලාදේශය සමඟ පැවැති තරඟයේ කඩුලු 5ක ජයක් හිමිකර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වීම සමඟයි.
එම තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 236ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ලෙස පිටියට පිවිසි නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 46යි 1ක් පන්දුවක් තුළ කඩුලු 5ක් පමණක් දැවී ජයග්‍රාහී ලකුණු සීමාව පසුකර යාමට සමත් වුණා.
නවසීලන්ත ඉනිම වෙනුවෙන් රචින් රවීන්ද්‍රා ලකුණු 112ක් ලබා ගනු ලැබුවා.
මේ සමඟ පාකිස්ථාන කණ්ඩායමට සහ බංග්ලාදේශය කණ්ඩායමට තවත් එක් තරඟයක් ඉතිරිව තිබියදී චැම්පියන්ස් කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයෙන්ම ඉවත් වීමට සිදුවුණා.
නවසීලන්තය ඊයේ (24) ලද ජයග්‍රහණය සමඟ ඔවුන් සහ ඉන්දියාව චැම්පියන්ස් කුසලානයේ අවසන් පුර්ව වටයට සුදුසුකම් ලැබීමට සමත්වුණා.








Leave a Reply