Loading...

පාර්ලිමේන්තුවේ අසුන මිස් වුණු හිටපු ප්‍රබල මැති ඇමතිවරුන් මෙන්න

ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයෙන් බහුතර පාර්ලිමේන්තු අසුන් ප්‍රමාණයක් දිනාගැනීම සමඟ වසර ගණනාවක් පාර්ලිමේන්තුව නියෝජනය කළ මැති ඇමතිවරුන් රැසකට මෙවර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමිවී ගොස් තිබෙනවා.

ඒ අනුව හිටපු ඇමතිවරුන් 50ක් සහ අලුතින් ඉදිරිපත් වූ ප්‍රසිද්ධ චරිත කිහිපයකට මෙවර පාර්ලිමේන්තු වරම් හිමිව නොමැති බවයි වාර්තා වන්නේ.

දිස්ත්‍රික්ක මට්ටමින් මන්ත්‍රී ධුර අහිමිවූ හිටපු මන්ත්‍රීවරුන් මෙසේයි.

කොළඹ දිස්ත්‍රික්කය – හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් උදය ගම්මන්පිල, එරාන් වික්‍රමරත්න, මනෝ ගනේෂන්, ප්‍රේමනාත් සී දොලවත්ත, මදුර විතානගේ

ගම්පහ දිස්ත්‍රිකය – නිමල් ලාන්සා, ඉන්දික අනුරුද්ධ, ප්‍රසන්න රණවීර, ලසන්ත අලගියවන්න, චන්න ජයසුමන, රංජන් රාමනායක

කළුතර දිස්ත්‍රික්කය – රාජිත සේනාරත්න, විදුර වික්‍රමනායක, සංජීව එදිරිමාන්න, පියල් නිශාන්ත, රොෂාන් රණසිංහ තිලකරත්න දිල්ෂාන්

මහනුවර දිස්ත්‍රික්කය – මහිදානන්ද අලු‍ත්ගමගේ, තිස්ස අත්තනායක, දිලු‍ම් අමුණුගම, වසන්ත යාපා බණ්ඩාර, එම් වේලු‍කුමාර්, මහාචාර්ය රංජිත් බණ්ඩාර

ගාල්ල දිස්ත්‍රික්කය – මනූෂ නානායක්කාර, රමේෂ් පතිරණ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චන්දිම වීරක්කොඩි, බන්දුලලාල් බණ්ඩාරිගොඩ සහ හිටපු රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශණද සිල්වා

මාතර දිස්ත්‍රික්කය – හිටපු අමාත්‍ය කංචන විජේසේකරට මෙන්ම නිපුණ රණවක, විරසුමන වීරසිංහ, බුද්ධික පතිරණ

හම්බන්තොට දිස්ත්‍රික්කය – හිටපු නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, හිටපු අමාත්‍ය මහින්ද අමරවීර

කුරුණෑගල දිස්ත්‍රික්කය – ජොන්ස්ටන් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, ශාන්ත බණ්ඩාර, අසංක නවරත්න, අශොක් අබේසිංහ, ජයරත්න හේරත්, චරිත හේරත්, තුෂාර ඉඳුනිල්

කෑගල්ල දිස්ත්‍රික්කය – හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ තාරක බාලසූරියට, දුෂ්මන්ත මිත්‍රපාල

රත්නපුර දිස්ත්‍රික්කය – හිටපු අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි, හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් වන ජානක වක්කුඹුර, ප්‍රේමලාල් ජයසේකර

අනුරාධපුර දිස්ත්‍රික්කය – දුමින්ද දිසානායක, එස්.එම් චන්ද්‍රසේන, ඉෂාක් රහුමාන්, කේ.පී.එස්.කුමාරසිරි

බදුල්ල දිස්ත්‍රික්කය – හරීන් ප්‍රනාන්දු, නිමල් සිරිපාලද සිල්වා සහ තේනුක විදානගමගේ

ඊට අමතරව ශෂින්ද්‍ර රාජපක්ෂ, ඩබ්ලිව්.ඩී. වීරසිංහ. එම්, සුමන්තිරන්, අරුන්දික ප්‍රනාන්දු යන මන්ත්‍රීවරුන්ට ද මෙවර පාර්ලිමේන්තුවේ අසුනක් හිමිව නොමැති බව සඳහන්.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *