Loading...

රාජ්‍ය සේවයේ වැටුප් වැඩිම නව රජයේ අලුත් අයවැයෙන්ම ලබා දෙනවා – ජනපති

තම රජයේ පළමු අයවැය ලේඛණයෙන් රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (08) කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්.

“අපි දන්නවා ඊළඟ අලුත් පාසල් වාරය ආරම්භ කරන්නේ ජනවාරි අග. දෙසැම්බර් වල පාසල් ඉවර වුණාට. මේ අවුරුද්දේ පරණ වාරය නිමා වන්නේ ජනවාරිවලින්. ජනවාරි අග තමයි අලුත් පාසල් වාරය පටන්ගන්නේ.

අන්න ඒ අලුත් පාසල් වාරයේ දරුවෝ පාසල් යන කොට නිසි පරිදි පාසල් පොත්, පාසල් උපකරණ මිලදී ගන්න බැරි සියලු දරුවන්ට ඒ සඳහා දීමනාවක් ලබාදෙනවා. ඒ වගේම අස්වැසුම. අපි ඔය නම් මාරුකරන්නේ නෑ.

ජනසවිය තිබුණා තව කෙනෙක් ඇවිල්ලා සමෘද්ධිය කියනවා. තව කෙනෙක් ඇවිල්ලා දිවි නැගුම කියනවා. තව කෙනෙක් අස්වැසුම කියනවා. ඒවා නිකම් තමන්ගේ නම් අපිට කොයි නම කිව්වත් කමක් නෑ අපි දැනටමත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල වලට උපදෙස් ලබාදීලා තියෙනවා අස්වැසුම නොලැබෙන අයට නැවත අභියාචනා කරන්න පුළුවන් ඒ අභියාචනා සාධාරණ ලෙස සලකා බලා කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ආහාර ගන්න බැරි, බෙහෙත් ගන්න බැරි ඒ සෑම පවුලකට ම අපි යම් දීමනාවක් දෙන්න අපි කටයුතු කරනවා.

හැමදාම දෙනවද? හැමදාම නෑ. මේ රට හදලා. ආර්ථිකය හදලා. ජනතාවට ප්‍රතිලාභ එනතෙක් ඒ ජනතාව අපි බලා ගන්නවා.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *