පාකිස්ථාන කණ්ඩායම පරාජය කර වසර 7කට පසු පැවැත්වූ හොංකොං සික්සස් ක්රිකට් තරඟාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා කණ්ඩායම මීට සුළු මොහොතකට පෙර සමත් වුණා.
අවසන් මහා තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 3යි පන්දු 5කදී සියලු දෙනා දැවී රැස් කිරීමට හැකිවුයේ ලකුණු 72ක් පමණි.
ලකුණු 74ක ජයග්රාහී ඉලක්කය කඩුලු 3ක් දැවී තිබියදී තරඟයේ 5 වන පන්දුවාරයේ දී පසුකර යාමට ශ්රී ලංකා කණ්ඩායමට හැකිවිය.
හොංකොං සික්සස් ක්රිකට් තරඟාවලි ඉතිහාසයේ ශ්රී ලංකා කණ්ඩායම ශූරතාව දිනාගත් දෙවන අවස්ථාව මෙය වන අතර ඔවුන් 2007 වසරේ දී මීට පෙර ශූරතාව
තරග ඉතිහාසයේ ශ්රී ලංකා කණ්ඩායමක් ශූරතාව දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි.
ඔවුන් 2007 වසරේදී මීට පෙර ශූරතාව දිනා තිබුණි.








Leave a Reply