ආසියානු නැගී එන කණ්ඩායම් විස්සයි විස්ස ක්රිකට් තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම ඊයේ (27) සමත් වුණා.
ඕමානයේ අල් ඇමරට් ක්රීඩාංගණයේදී තරඟයේ කාසියේ වාසිය දිනාගත් ශ්රී ලංකා A කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි ශ්රී ලංකා කණ්ඩායමේ මුල් කඩුලු 4 ලකුණු 15කට දැවී යාමෙන් අනතුරුව පවන් රත්නායක සහ සහන් ආරච්චිගේ පස්වන කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාව ගොඩනැගීමට සමත් වුණා.
පවන් රත්නායක ලකුණු 20ක් ලබා සිටියදී දුවද්දී දැවී ගිය අතර ඉන්පසු පිටියට පිවිසි නිමේෂ් විමුක්ති සහ සහන් ආරච්චිගේ හයවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 42ක සබඳතාවක් ගොඩනැගුවා.
පන්දුවාර 20 අවසානයේ ශ්රී ලංකා A කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 133ක් ලබාගැනීමට සමත් වුණා.
එහිදී ශ්රී ලංකාව වෙනුවෙන් සහන් ආරච්චිගේ ලකුණු 64ක් ලබාගත් ඊට හයේ පහර 6ක් ඇතුළත්.
ලකුණු 134 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඇෆ්ඝනිස්ථාන කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 1කදී ලකුණු 134ක් ලබා ගනිමින් ජයග්රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.
ආසියානු අවුරුදු 23න් පහළ තරඟාවලිය 2013 වසරේ ආරම්භ වූ අතර පසුව ආසියානු නැගී එන කණ්ඩායම් තරඟාවලිය ලෙසින් සංශෝධනය වූ මෙම තරඟාවලි ඉතිහාසයේ ඇෆ්ඝනිස්ථාන ශූරතාව දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා.
තවද ඔවුන් අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ එකම අවස්ථාව ද මෙය ලෙසයි සැලකෙන්නේ.








Leave a Reply