හමාස් සංවිධානයේ නව නායක යහියේ සින්වාර් ඝාතනය කර ඇති බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා පවසනවා.
BBC පුවත් සේවය ද ඊයේ (17) මේ බව තහවුරු කළා.
එරට ආරක්ෂක අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ වසරක කාලයක් පුරා ලුහුබැඳීමෙන් පසුව දකුණු ගාසා තීරයේ මෙහෙයුමකදී සින්වාර් සිය හමුදා විසින් ඝාතනය කළ බවයි.
හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් සිටින බවට සැක කෙරෙන ස්ථාන සම්බන්ධව ලබාදුන් බුද්ධි තොරතුරු අනුව මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බව අන්තර්ජාතික මාධ්‍ය වාර්තා කරනවා.







Leave a Reply