Loading...

සනත්ගේ පත්වීම ස්ථිර කරයි

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය මහතා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (07) නිල වශයෙන් නිවේදනය කළා.

ඒ අනුව ඔහු 2024 ඔක්තෝබර් 01 වනදා සිට 2026 මාර්තු 31 වනදා දක්වා කාලය සඳහා ඔහුව අදාළ තනතුර සඳහා පත්කර ඇති බව සඳහන්.

පසුගිය ඉන්දීය, එංගලන්ත සහ නවසීලන්ත තරගාවලි වලදී ශ්‍රී ලංකා කණ්ඩායම දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එම තරගාවලි සඳහා වැඩබලන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය කටයුතු කරනු ලැබුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *