ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ තාවකාලික ප්රධාන පුහුණුකරු ලෙස පත් කරනු ලැබූ සනත් ජයසුරිය මහතාගේ සේවය තවත් වසරකින් දීර්ඝ කිරීමට ශ්රී ලංකා ක්රිකට් ආයතනය පියවරගෙන තිබෙනවා.
ඒ මහතාව ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පසුගියදා පත් කෙරුනේ ඉන්දියාව සහ එංගලන්තය සමඟ පැවැත්වුණු ක්රිකට් තරඟාවලිය සඳහායි.
සිල්වවුර්ඩ්ගෙන් පුරප්පාඩු වී ඇති එම තනතුරු සඳහා සුදුසු අයෙක් පත් කරන තෙක් සනත් ජයසූරිය තාවකාලික ප්රධාන පුහුණුකරු ලෙස පත්කෙරුණා.
එම තරඟාවලි දෙක නිම වීමෙන් අනතුරුව ශ්රී ලංකා ක්රිකට් ආයතනය තීරණය කළේ නවසීලන්ත සමඟ මේ වන විට පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සඳහා ද සනත් ජයසුරිය මහතාව ප්රධාන පුහුණුකරු ලෙස පත් කිරීමටයි.








Leave a Reply