Loading...

දෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකාවට

සංචාරක නවසීලන්ත ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවන දිනය නිමාවන විට දිනයේ වැඩි ගෞරව ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරඟයේ පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම කඩුලු දෙකක් දැවී ලකුණු 22ක් රැස් කර තිබුණා.

තරඟයේ පළමු ඉනිමට පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 602ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කිරීමට හැකි වුණා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීමෙහි අඩුම ටෙස්ට් තරඟ ගණනකින් ලකුණු 1000ක් ලැබූ පිතිකරුවන් අතර තෙවන තැනට පත් වීමට සමත් වු අතර ඔහු හා සමතැන විශිෂ්ට ක්‍රීඩක ඩොනල්ඩ් බ්‍රැඩ්මන් සිටිනවා.

ඊට අමතරව කුසල් මෙන්ඩිස් මෙම තරඟයේ දී සිය 10 වන ටෙස්ට් ශතකය ද වාර්තා කළ අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 116ක් ද ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 88ක් ද රැස්කළා.

පන්දු යැවීමේ දී නවසීලන්තය වෙනුවෙන් ලකුණු 141කට කඩුලු 03ක් දවා ගැනීමට Glenn Phillips සමත් වූ අතර, ශ්‍රී ලංකා පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ල බැඟින් දවා ගැනීමට සමත්ව තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *