Loading...

අනුර රනිල්ට විවාදයකට ආරාධනාවක් කරයි

ස්වාධීන අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගෙන් ප්‍රශ්ණ කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සුදානම් බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ ඊයේ (09) ආනමඩුව පැවැති ජන හමුවකදීයි.

මේ සම්බන්ධව සංවාදයක් පැවැත්වීමට තමන් යෝජනා කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.

“රනිල් වික්‍රමසිංහ දැන් එක එක ඒවා කියන්න පටන් අරන් තියනවා. මම දැක්කා හැම තැනම කියනවා අනුර මගේ යාළුවා, මා මිත්‍ර අනුර. ඔය එන්නේ මොකටද දන්නවාද ෂේප් වෙන්න. ඒවාට අහු වෙන්නේ නෑ අපි. එයා ආපහු කියනවා එයා මොනවාද ප්‍රශ්න වගයක් අහලා මට උත්තර දෙන්න කියලා.

හිටිවන කවි මඩුව වගේ වේදිකාවෙන් වේදිකාවට බැරෑරුම් ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉතා හොඳ විවෘත සංවාදයක් කරමු. අපි සූදානම් ඔයාගේ හැම ප්‍රශ්නයකටම එකින් එක උත්තර දෙන්න විතරක් නෙමෙයි ඔයාව ප්‍රශ්න කරන්නත්.

එයා වැලිමඩ අහනවා මම ආණමඩුවේ උත්තර දෙනවා එහෙම වැඩක් තියනවාද? අපි එක තැන වාඩි වෙලා ඔයා අහන්න මම කියන්නම් මම අහන්නම් ඔයා කියන්න අන්න එහෙම විවාදයක් කරමු.”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *