ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට තරඟ වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදී ඇති ගෑස් සිලින්ඩරය ලකුණ පිළිබඳව එල්ලවන විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙනවා.
පසුගිය පළාත් පාලන මැතිවරණයේ දී තම කණ්ඩායමට ගෑස් සිලින්ඩරය ලකුණ ලබාදී ඇති බව පවසමින් දේශපාලන පක්ෂය විසින් එල්ල කරන චෝදනා පිළිබඳව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙලෙස ප්‍රතිචාර දක්වා ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී අදහස් දැක්වූ කොමසාරිස්වරයා, ‘‘පළාත් පාලන මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය බොහෝ දෙනෙක් ඉල්ලලා තියෙනවා.
වෙන්කරපු සලකුණ තියෙන්නේ දේශපාලන පක්ෂ සඳහා පමණයි. අනෙක් ඒවා ඕනම කෙනෙකුට පාවිච්චි කරන්න පුළුවන්. එනිසා බොරු දේවල් වලට ප්‍රසිද්ධියක් නොදිය යුතුයි.
මේවාට උත්තර දීමත් බොරු වැඩක් මීඩියාවල ප්‍රචාරයන් ගන්න මෙවැනි දේවල් කරනවා.
මාධ්‍ය වලින් ඉල්ලනවා ඒවගේ දේවල් වලට ප්‍රචාරයක් දෙන්න එපා කියලා මැතිවරණ ආවරණයේදී ජනමාධ්‍යටත් මේ කරුණු ගැන දැනුමක් තිබිය යුතුයි.
නැත්තන් මෙතැනට ඇවිල්ලා ගොඩක් අය මයික් අල්ලන් වොයිස් කට් දුන්නම හෙන පොරවල් වෙනවා.’’








Leave a Reply