Loading...

සජබ සෞඛ්‍ය වෘත්තීය සමුළුව සෙනඟ මදි නිසා අතරමඟ නවතා දමයි

සමඟි ජන බලවේගයේ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමුළුව ඊයේ (18) කොළඹ දී පැවැත්වීමට සැලසුම් කර තිබුණ ද එය අතරමඟ නවතා දමා ඇති බව වාර්තා වනවා.

ඒ ඊට සෞඛ්‍ය වෘත්තිකයින් 20 දෙනෙක් පමණක් සහභාගී වීම හේතුවෙනි.

එම සමුළුව ඊයේ පෙ.ව 9ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබුණද උදෑසන 10.30 වන තුරු ප්‍රමාණවත් පිරිසක් සහභාගී ඊට සහභාගී වී සිටියේ නැහැ.

මේ හේතුවෙන් ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමුළුව කල් තැබීමටයි සමඟි ජන බලවේගය තීරණය කර ඇත්තේ.

කෙසේ මීට පෙර සමුළුව සඳහා වෛද්‍යවරු, හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සෞඛ්‍ය වෘත්තිකයන් 2000 පමණ සහභාගී කරවීමටයි නියමිතව තිබුණේ.

එහෙත් ඊට සහභාගී වී ඇත්තේ විසි දෙනෙක් පමණි.

පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා මෙම සමුළුව සංවිධානය කිරීමේ වගකීම පැවරී තිබු අතර මාධ්‍යය විසින් සිදු කළ විමසීමකදී ඔහු සඳහන් කර තිබුණේ නොවැළැක්විය හැකි හේතුවක් මත සමුළුව කල් දැමීමට සිදූ වූ බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *