ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දුෂණ විරෝධී රීති උල්ලංඝණය කිරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට චෝදනා 3ක් එල්ලකර තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලදී සහ 2021 ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී තරඟ පාවාදීම සඳහා ඔහු වෙත සිදුකර තිබූ යෝජනා පිළිබඳව දුෂණ විරෝධී ඒකකය දැනුම්වත් නොකළ බවට චෝදනා එරෙහිව චෝදනා එල්ල කර ඇති බව සඳහන්.
ඔහුට මේ සම්බන්ධව ලැබී තිබූ පණිවුඩය මකා දමා ඇති බවද වාර්තා වනවා.
නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශ කරන්නේ මෙම චෝදනා සඳහා උත්තර සැපයීමට 2024 අගෝස්තු 6 වනදා සිට දින 14ක් ඔහුට ලබාදී ඇති බවයි.








Leave a Reply