Loading...

අතේ තව කොටසක් සජිත්ට සහය දක්වයි

එළැඹෙන ජනාධිපතිවරණයේ දී සමඟි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.

අද (03) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ඒ මහතා “අලුත් කණ්ඩායමකට රට භාර දෙන්නට නම් සමගි ජන බල සනධානයේ එවැනි ශක්තිමත් නායකයින් ගණනාවක් ඉන්නවා. ඒ අයත් එක්ක එකතුවෙලා මේ ගමන ඉදිරියට යා යුතුයි කියලා අපි විශ්වාස කරනවා. ඒ ක්‍රියාදාමය යනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ අන්‍යයතාවය තියාගෙන පක්ෂය විදිහට වෙනම ඡන්ද ව්‍යාපාරයක් අපි ක්‍රියාත්ම කරනවා. අපේ ආදරණීය පාක්ෂිකයින්ගෙන් අපි ඉල්ලනවා අපි ගත්තේ මේ වෙලාවේ ගතයුතු නිවැරදිම තීරණය කියලා.”

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකයින් වන තිලංග සුමතිපාල සහ රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන් ඇතුළ පිරිසක් එක්ව තිබුණා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *