ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන පළාත් සභාවල හිටපු මහජන නියෝජිතයින් 116ක් ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.
ඔවුන් මේ බව ප්‍රකාශ කර ඇත්තේ අද (31) කොළඹ දී පැවැති හමුවකදීයි.
ස්වාධීන අපේක්ෂකයකු ලෙස තමා මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ පක්ෂග්‍රාහිත්වයෙන් තොරව අලුත් දැක්මක් සහ අලුත් වැඩපිළිවෙළක් ඔස්සේ රට ඉදිරියට ගෙන යාමට බවයි මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ.
මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණයට එරෙහිව ගොස් වත්මන් ජනාධිපතිවරයාට උදව් කරන සියලුම මන්ත්‍රීවරුන් ඔවුන් මෙතෙක් දැරූ තනතුරුවලින් ඉවත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.
ඒ සම්බන්ධව සියලු කටයුතු සුදානම් කර ඇති බවයි පොදුජන පෙරමුණේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.








Leave a Reply