Loading...

අනුරගේ චෝදනාවට හරීන්ගෙන් පිළිතුරු

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ විදෙස් ගමන් සඳහා මුදල් වැය වූ ආකාරය හෙළි කරන ලෙසට පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා.

අමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින්.

පදනම් විරහිතව අවඥා සහගතව සිදුකරන ලද චෝදනා පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද ඔහු මෙම ලිපියේ දක්වා තිබෙනවා.

“සංචාරක කර්මාන්තය තබා, සංචාරකයෙකුවත් සොයාගත නොහැකි වකවානුවක් තුළ සංචාරක අමාත්‍යංශය බාර ගැනීම සහ අද ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැඟී ඇති ආකාරය කොතෙක් ද යන්න කුහක වත ඉවත දමා බලන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි බව මෙම ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබෙන අතර, එමෙන් ම සංචාරක කර්මාන්තයේ ඉතිහාසගත් වාර්තාවක් තැබීමට මෙම දෙවසර තුළ හැකි වූ බවත්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට මෙන් ම ලොව වේගයෙන් ම දියුණුවන සංචාරක කර්මාන්තය ඇති රටක් ලෙස කීර්තියට පත්වීමට ද මෙම දෙවසර තුළය”

අමාත්‍යවරයා සිය ලිපියේ වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ තමා සම්බන්ධයෙන් අනුර කුමාර දිසානායක මහතා සිදුකරන ලද ප්‍රකාශය ඔහු විසින්ම නිවැරදි කළ යුතු බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *