ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියේ පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට චමරි අතපත්තු ප්රමුඛ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ (20) සමත් වුණා.
ඒ බංග්ලාදේශය කාන්තා කණ්ඩායම කඩුලු 7කින් පරාජය කරමින්.
රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.
ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 111ක් රැස් කළා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් වෙනුවෙන් උදේෂිකා ප්‍රබෝධනී සහ ඉනෝෂි ප්‍රියදර්ශනී කඩුලු දෙක බැඟින් දවා ගැනීමට හැකියාව ලැබුණා.
ලකුණු 112ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදීමට නායිකා චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න සමත් වුණා.
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 17යි 1 පන්දුවක් අවසානයේ කඩුලු 3ක් දැවී ජයග්‍රාහී සීමාව පසුකර ගියා.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ විශ්මි ගුණරත්න ලකුණු 51ක රැස් කළ අතර හර්ෂිතා මාධවී ලකුණු 33ක් රැස්කළා.








Leave a Reply