ශ්රී ලංකා ජාතික පිරිමි ක්රිකට් කණ්ඩායමේ ප්රධාන පුහුණුකාර ධුරය දැරූ ක්රිස් සිල්වර්වුඩ් මහතා සිය ධුරයෙන් අද (27) ඉල්ලා අස්වී තිබෙනවා.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ක්රිස් සිල්වර්වුඩ් මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ක්රිකට් ආයතනය වෙත ලබාදී ඇති බවයි.
2022 වසරේ මැයි මසදී ඒ මහතා ශ්රී ලංකා කණ්ඩායමේ ප්රධාන පුහුණුකරු ලෙස පත් කෙරුණා.
ඔහුගේ පුහුණුකාරිත්වය යටතේ ශ්රී ලංකා කණ්ඩායම 2022 වසරේ පැවැති ආසියානු කුසලානය 20යි 20 ක්රිකට් තරඟාවලිය ජය ගැනීමට සමත් වු අතර තවද 2023 වසරේ පැවැත්වුණු ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ අනු ශූරයින් ලෙස තරඟාවලිය අවසන් කිරීමට අවස්ථාව ලැබුණා.








Leave a Reply