Loading...

ශ්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශූරයින් වෙයි

ICC පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරඟාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්ත කාන්තා කණ්ඩායම ඊයේ (07) සමත් වුණා.

ඒ තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පරදා ලකුණු 68ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනිමින්.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අවසරයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 169ක් ලබාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායිකා චමරි අතපත්තු ලකුණු 102ක් ලබා ගනු ලැබුවා.

ලකුණු 170ක ඉලක්කයක් හඹා ගිය ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබාගත හැකි වුයේ ලකුණු 101ක් පමණි.

පන්දු යැවීමේ දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ උදේෂිකා ප්‍රබෝධනී ලකුණු 13කට කඩුලු 3ක් බිඳ හෙළුවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *