ආයෝජකයන් 2,000කට ආසන්න පිරිසකට ලාභාංශ ලබා දෙන බවට පොරොන්දු වී මුදල් රැස් කර, එම මුදල් වංචා කිරීමේ චෝදනාව මත පෞද්ගලික සමාගම් දෙකක අධ්යක්ෂවරුන් දෙදෙනෙකු ඊයේ (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශය මඟින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව අදාළ සමාගම් දෙකේ අධ්යක්ෂවරුන් තිදෙනෙකු අතරින් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
මහනුවර සහ කොහුවල ප්‍රදේශවල පිහිටි එම සමාගම් මඟින් සිදු කර ඇති සමස්ත මූල්‍ය වංචාවේ වටිනාකම රුපියල් බිලියන 4කට ආසන්න බව අනාවරණය වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත මේ වන විට පැමිණිලි 80ක් ලැබී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (21) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.







Leave a Reply