Loading...

ලාෆ්ස් ගෑස් මිලත් දැවැන්ත ලෙස ඉහළට

ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) මිල ගණන් ද ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව සංශෝධනය වූ නව ගෑස් මිල ගණන් පහත පරිදි වේ,

කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය: රුපියල් 4,965ක් ලෙස පැවති මිල රුපියල් 1,775කින් ඉහළ දමා ඇති අතර, නව මිල රුපියල් 6,740කි.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරය: රුපියල් 1,988ක් ලෙස පැවති මිල රුපියල් 732කින් ඉහළ නංවා ඇති අතර, නව මිල රුපියල් 2,720කි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ පවතින මිල ගණන් අනුව මෙරටට ගෑස් තොග මිලදී ගැනීමේ පිරිවැය ඉහළ යාම මෙම මිල සංශෝධනයට හේතු වී ඇති බව ලාෆ්ස් ගෑස් සමාගම පවසනවා.

කෙසේ වෙතත්, අලෙවි නියෝජිත ජාලය හරහා අඛණ්ඩව ගෑස් සැපයීම පවත්වාගෙන යාමට සියලු උත්සාහයන් ගන්නා බව සමාගම තහවුරු කරන අතර, ගෑස් නැවත පිරවුම් ලබාගත හැකි ස්ථාන සහ දිස්ත්‍රික්ක අනුව පවතින මිල ගණන් පිළිබඳ තොරතුරු 1345 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් ලබාගත හැකි බව ද වැඩිදුරටත් සඳහන් කරනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *