Loading...

,

A-9 මාර්ගයේ බස් 3 ගැටුණු ඛේදවාචකයේ මරණ සංඛ්‍යාව 5 දක්වා ඉහළට

A-9 මාර්ගයේ අනුරාධපුර – රඹෑව – වැලිඔය මංසන්ධියේදී මගී ප්‍රවාහන බස් රථ 03ක් එකිනෙක ගැටී අද (09) පෙරවරුවේ සිදු වූ දරුණු රථවාහන අනතුරෙන් ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව 05 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට (ශ්‍රී ලංගම) අයත් බස් රථ දෙකක් සහ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වුණා.

අනතුරින් තවත් පුද්ගලයින් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

ප්‍රථමයෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ දෙක මුහුණට මුහුණ ගැටී ඇති අතර, අනතුරුව පිටුපසින් පැමිණි පෞද්ගලික බස් රථය ද එම බස් රථවල ගැටීමෙන් මෙම බරපතළ අනතුර සිදු වී ඇති බව පොලීසිය සඳහන් කළා.

අනතුරින් තුවාල ලැබූවන් වහාම ක්‍රියාත්මක වූ ප්‍රදේශවාසීන් සහ පොලිසිය එකතුව ප්‍රතිකාර සඳහා රඹෑව ප්‍රාදේශීය රෝහලට සහ අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සහ රඹෑව පොලිස් ස්ථාන මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *