කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අලෙවි කෙරෙන ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා QR කේත පද්ධතියක් (QR Code System) හඳුන්වාදීමට එහි මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ පිහිටි සෑම අවන්හලකම අදාළ QR කේතය ප්‍රදර්ශනය කිරීමට පියවර ගැනෙන අතර, පාරිභෝගිකයින්ට එම QR කේතය ස්කෑන් (Scan) කර එහි ඇති පෝරමය පුරවා තමන්ගේ පැමිණිල්ල යොමු කිරීමේ හැකියාව පවතිනවා.
එලෙස යොමු කෙරෙන පැමිණිලි සෘජුවම අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) වෙත ලැබෙනු ඇත.
මෙම පද්ධතිය ඔස්සේ පැමිණිලි කිරීමේදී පැමිණිලිකරුගේ අනන්‍යතාව කිසිදු ලෙසකින් අනාවරණය නොවන බවත්, අදාළ නිලධාරීන් විසින් පැමිණිල්ල සම්බන්ධයෙන් වහාම අවශ්‍ය නීතිමය පියවර ගන්නා බවත් කොළඹ මහ නගර සභාව සඳහන් කරනවා.
එමෙන්ම, යම් හෙයකින් අක්‍රමිකතාවක් පිළිබඳ පැමිණිලි කරන්නේ නම්, අදාළ අපත්‍ය ආහාර ද්‍රව්‍ය අවන්හල වෙත නැවත භාර නොදෙන ලෙසත්, ඒ වෙනුවෙන් ලබාගත් මුදල් රිසිට්පත (Bill) සුරක්ෂිතව තබා ගන්නා ලෙසත් නගර සභාව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.






Leave a Reply