සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 10ක මුදලක් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සත්කාරකත්වය දැක්වූ සමුළුවකට ලබාදීම පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් ඊයේ (03) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද සහභාගීත්වයෙන් ඉකුත් ඉරිදා කොළඹදී පැවැති ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වන මහා සමුළුව, ඊට අදාළ රැස්වීම්, සංගීත උලෙළ සහ විනෝද චාරිකා වැඩසටහන් සඳහා සත්කාරකත්වය දැරීමට රජයේ මුදල් පෞද්ගලික නාලිකාවකට ලබාදීමේ පදනම කුමක්දැයි ප්‍රශ්න කරමින් ඔවුන් මෙම පැමිණිල්ල සිදුකර තිබෙනවා.
කෙසේ වෙතත්, මේ පිළිබඳ එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (03) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැහැදිලි කිරීමක් සිදු කළේය.
එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ පෞද්ගලික නාලිකාව වෙත වෙන් කරනු ලැබුවේ රජයේ බදු මුදල් නොවන අතර, සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ (SLTPB) මුදල් බවයි.







Leave a Reply