Loading...

පාන් ගෙඩියක මිල ඉහළට

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රුපියල් 5කින් ඉහළ නංවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කළේ, පාන් ගෙඩියක මිලට අමතරව අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ද රුපියල් 5කින් ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *