Loading...

නාමල් රාජපක්ෂගේ ඇප නියෝගය නොවැම්බර් 03 වනදා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඞ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 03 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළා.

අල්ලස් කොමිසම සහ සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී.

කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ ඉඩමක් බහුකාර්ය ව්‍යාපෘතියක් සඳහා ක්‍රිෂ් සමාගම වෙත පැවරීමේ කටයුතු ඉටුකර දීම වෙනුවෙන් රුපියල් මිලියන 100ක අල්ලස් මුදලක් ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සැකපිට රිමාන්ඩ් භාරයට පත්කර තිබෙනවා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *