Loading...

පාකිස්තානය අන්ත පරාජයකට පත් කරමින් ශ්‍රී ලංකාවෙන් කඩුලු 8ක දැවැන්ත ජයක්

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගයෙන් සත්කාරක පාකිස්තාන කණ්ඩායම කඩුලු 8කින් පරාජය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (27) සමත් වුණා.

ලාහෝර්හිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායමට පන්දුවාර 25.3කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 110ක් පමණි.

පාකිස්තාන ඉනිම අඩපණ කළ දිල්ෂාන් මධුශංක පන්දුවාර 8.3කදී ලකුණු 34ක් පමණක් ලබාදී කඩුලු 5ක් දවාගනිමින් විශිෂ්ට සහ ප්‍රහාරාත්මක පන්දු යැවීමක නිරත වුණා.

මීට අමතරව, සහන් ආරච්චිගේ කඩුලු 2ක් බිඳහෙළූ අතර, අසිත ප්‍රනාන්දු, එෂාන් මාලිංග සහ දුනිත් වෙල්ලාලගේ අතරට එක් කඩුල්ල බැගින් බෙදී ගියා.

පාකිස්තාන පිතිකරුවන් දැඩි පීඩනයකට ලක් වූ අතර, බාබර් අසාම් ලකුණු 29ක් සහ හසන් නවාස් ලකුණු 17ක් රැස්කිරීමට සමත් වුණා.

ජයග්‍රහණය සඳහා ලකුණු 111ක පහසු ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 114ක් ලබාගනිමින් ඉතා පහසුවෙන් ජය තහවුරු කරගත්තේ තවත් පන්දුවාර 32.5ක් ඉතිරිව තිබියදීයි.

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් පන්දු 62කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟ නොදැවී ලකුණු 62ක් රැස් කළේය. අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 16කට දැවී ගිය අතර, පවන් රත්නායක නොදැවී ලකුණු 23ක් රැස්කරමින් කමිඳු මෙන්ඩිස් සමඟ එක්ව කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

කුසල් මෙන්ඩිස් ලකුණු 8කට දැවී ගියා.

මෙම තරගයේදී පාකිස්තාන ඉනිම සුන් කරමින් කඩුලු 5ක් දවාගත් දිල්ෂාන් මධුශංක තරගයේ වීරයා ලෙස සම්මානය දිනාගත්තා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *