කොළඹ විහාරමහාදේවි උද්යාන පරිශ්රයේ සත්යග්රහයේ නිරත භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසට වහාම එම ස්ථානයෙන් ඉවත් වන ලෙස කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයෙන් ඊයේ (22) ලබා දී තිබූ ආඥාව කිසිදු ලෙසකින් වෙනස් කළ නොහැකි බවත්, අදාළ අධිකරණ ආඥාවට පටහැනිව යම් ක්රියාවක් සිදුවුවහොත් දණ්ඩ නීති සංග්රහය ප්රකාරව අවශ්ය සියලු නීතිමය ක්රියාමාර්ග ගැනීමට පොලීසියට පූර්ණ බලය ඇති බවත් කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා අද (23) දැඩිව නියෝග කර සිටියා.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන ලෙස ඉල්ලා විහාරමහාදේවි උද්යානය අසල සත්යග්රහයේ නිරත පිරිස සහ නීතිපතිවරයා විසින් අද දින මේ සම්බන්ධයෙන් මෝසම් පත්ර දෙකක් අධිකරණයට ගොනු කර තිබුණා.
ඉන් සත්යග්රහයේ නිරත පිරිස වෙනුවෙන් ඉදිරිපත් කළ මෝසම් පත්රය මඟින් ඉල්ලා තිබුණේ ඊයේ දින අධිකරණය විසින් නිකුත් කරන ලද තහනම් ආඥාව සම්පූර්ණයෙන්ම ඉවත් කරන ලෙස හෝ වෙනස් කරන ලෙසයි. එහෙත්, එම ඉල්ලීම ප්රතික්ෂේප කළ ප්රධාන මහේස්ත්රාත්වරයා, අධිකරණ නියෝගය අකුරටම ක්රියාත්මක කළ යුතු බවත් ඊට එරෙහි වන පාර්ශ්ව වෙත නීතිය දැඩිව ක්රියාත්මක කරන ලෙසත් ආරක්ෂක අංශ වෙත දන්වා සිටියේය.







Leave a Reply