Loading...

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමේ තීරණයට එරෙහි පෙත්සම් ලබන 18 වැනිදා යළි කැඳවීමට නියෝග

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වී සිර දඬුවම් නියම වීමෙන් පසු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම් යළි නොවැම්බර් 18 වනදා කැඳවීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කර සිටිනවා.

අදාළ පෙත්සම් අද අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ නඩුකරය වැඩිදුර සලකා බැලීම සඳහා මෙලෙස නොවැම්බර් 18 වනදා යළි කැඳවීමට අධිකරණය නියම කළා. පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු පූජ්‍ය පක්ෂයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් බන්ධනාගාර බලධාරීන්ගේ මෙම තීරණයට එරෙහිව අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර තිබුණි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *