Loading...

සලේගේ රිට් පෙත්සමට මැදිහත් වීමට භික්ෂූන් වහන්සේලා කළ ඉල්ලීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන අසාධාරණ ලෙස රඳවා තබා ගැනීම අභියෝගයට ලක් කරමින් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා විසින් ඉදිරිපත් කරන ලද රිට් පෙත්සමට මැදිහත් වී කරුණු දැක්වීමට අවසර දෙන ලෙස ඉල්ලා ගොනු කර තිබූ අතරමැදි පෙත්සම් ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (22) නියෝග කර සිටිනවා.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් ඇතුළු පූජ්‍ය පක්ෂයේ භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම අතරමැදි පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ ගොනු කර තිබුණි.

එම පෙත්සම් සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල, අදාළ අතරමැදි පෙත්සම්කරුවන්ට මෙම නඩුවට මැදිහත් වී කරුණු දැක්වීමට ප්‍රමාණවත් නීතිමය පදනමක් නොමැති බව නිරීක්ෂණය කරමින්, එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට මෙලෙස තීරණය කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *