Loading...

මෙරට නිල සංචිත වත්කම් සැප්තැම්බර් මාසයේදී පහළට

ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ප්‍රමාණය පසුගිය 2026 අගෝස්තු මාසයට සාපේක්ෂව සැප්තැම්බර් මාසය වන විට සියයට 1.1ක අඩුවීමක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ඒ අනුව 2026 අගෝස්තු මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 6,929ක් ලෙස පැවති මෙරට නිල සංචිත වත්කම් ප්‍රමාණය, සැප්තැම්බර් මාසය අවසන් වන විට ඇමෙරිකානු ඩොලර් මිලියන 6,851 දක්වා පහත බැස තිබෙනවා.

මෙලෙස සටහන් වූ නිල සංචිත වත්කම් ප්‍රමාණය සඳහා චීන මහ බැංකුව (PBOC) සමග ඇති කරගෙන තිබෙන ද්විපාර්ශ්වික මුදල් හුවමාරු පහසුකම (Swap Agreement) යටතේ ලැබී ඇති ප්‍රතිපාදන ද ඇතුළත් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් අවධාරණය කරන්නේ.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *