ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා වහාම ක්‍රියාත්මක වන පරිදි සිය නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව වෙත නිල ලිපියක් යොමු කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, “ඊළඟ පරම්පරාවට නායකත්වය හිමිවිය යුතු බව මාගේ සැබෑ මතයයි” යනුවෙනි.
නායකත්වයෙන් ඉල්ලා අස්වුවද, ඉදිරියේදී සාමාන්‍ය ක්‍රීඩකයෙකු ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායම නියෝජනය කිරීමට තමන් තවදුරටත් පූර්ණ සූදානමින් සිටින බවයි ධනංජය ද සිල්වා වැඩිදුරටත් තහවුරු කර ඇත්තේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා පැවසුවේ, ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමට ධනංජය ද සිල්වා ලබාදුන් විශිෂ්ට නායකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කෘතඥතාව පළ කරන අතරම, ඔහුගේ ඉදිරි ක්‍රිකට් ජීවිතයට සුභ පැතුම් එක්කර සිටින බවයි.







Leave a Reply