ආපදා අවස්ථාවලදී ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් සදාචාරාත්මක සහ වගකීම්සහගත ලෙස තොරතුරු වාර්තා කිරීම සඳහා වන ධාරිතා සංවර්ධන වැඩසටහනේ පළමු අදියර සාර්ථකව පවත්වා තිබෙනවා.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් සංවිධානය කෙරුණු මෙම විශේෂ පුහුණු වැඩසටහන පසුගිය සැප්තැම්බර් 16 සහ 17 යන දිනවලදී පැවැත්වුණා.
දිවයින පුරා විහිදී සිටින ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, වෙබ් මාධ්‍යවේදීන් මෙන්ම ප්‍රධාන මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් රැසක් ඊට එක්ව සිටියා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැඟිලි පර්යේෂණ ආයතනය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව සහ නාවික හමුදාව ද මෙම වැඩසටහන සඳහා තාක්ෂණික දායකත්වය ලබාදීමට පියවර ගෙන තිබුණා.
එහිදී ආපදා සූදානම, පූර්ව අනතුරු ඇඟවීම් සන්නිවේදනය කිරීම, දේශගුණික විපර්යාස සහ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය වැනි ක්ෂේත්‍ර රැසක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුවත් කිරීමට පියවර ගත් බවයි වාර්තා වන්නේ.
ඉදිරියේදී ද මෙවැනි පුහුණු වැඩසටහන් මාලාවක් පවත්වමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ධාරිතාව අඛණ්ඩව වර්ධනය කිරීමට පියවර ගන්නා බව සංවිධායකයින් වැඩිදුරටත් සඳහන් කළා.







Leave a Reply