තෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා ශ්‍රී ලංකාව සමඟ ද්වීපාර්ශවීය ගිවිසුම් තුනකට අත්සන් තබා ඇති බව වාර්තා වනවා.
සංචාරයේ දෙවන දිනය වන අද (09) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඇති අතර, එහිදී දෙරට අතර ආරක්ෂක සහ තාක්ෂණික සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ද පැවැත්වුණා.
මේ අතර, දිවයිනට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා පිළිගැනීම වෙනුවෙන් ඊයේ (08) පස්වරුවේ කොළඹදී විශේෂ උත්සවයක් සංවිධානය කර තිබුණා.
මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා මැති ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන් මෙන්ම මෙරට පදිංචි ඉන්දීය ජාතිකයින් රැසක් ද එක්ව සිටියා.
සන්තෝෂා ජා – ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්
“මෙය ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රථම ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සංචාරයයි. එම නිසා මෙම සංචාරය අපගේ ද්විපාර්ශ්වික සබඳතාවල වැදගත් සන්ධිස්ථානයක් සලකුණු කරනවා. මෑත වසරවලදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දක්නට ලැබුණු රාජ්‍යතාන්ත්‍රික හුවමාරු අතරට මෙම සංචාරය තවත් පරිච්ඡේදයක් එක් කරනවා. මෙම සංචාරයන් අපගේ සබඳතාවයට නව ජවයක් සහ ශක්තියක් ලබා දී ඇති බව කිව යුතුයි. එය අප අතර සබඳතා ඉතා ඉහළ තලයකට ඔසවා තිබෙනවා. ”
රාජ්නාත් සිං – ඉන්දීය ආරක්ෂක අමාත්‍ය
“ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන ඕනෑම අවස්ථාවක ඔවුන්ට සහය වීමට ඉන්දියාව සූදානම්. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සමීප සංස්කෘතික සහ ශිෂ්ඨාචාර සබඳතාව ද්වීපාර්ශ්වික සබඳතා වර්ධනයට ශක්තිමත් පදනමක් සපයනවා. ඉන්දු – ශ්‍රී ලංකා ජනතාව අතර සබඳතා ශක්තිමත් කිරීමේදී ඉන්දීය ඩයස්පෝරාව ඉටුකරන කාර්යභාරය වැදගත්. ඔවුන් දෙරට අතර පාලමක් තනන පිරිසක් ලෙසයි මා දකින්නේ.”








Leave a Reply