දැවිතෙල් සහ නැප්තා ඉන්ධන මිල ගණන් පහත හෙළීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබෙනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්යක්ෂ මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළේ අද (04) මැදියම් රැයේ සිට ක්රියාත්මක වන පරිදි මෙම මිල සංශෝධනය සිදුකර ඇති බවයි.
ඒ අනුව නැප්තා ලීටරයක මිල රුපියල් 35කින් පහත හෙළා ඇති අතර එහි නව මිල රුපියල් 175ක්. ලීටරයක පැවති පැරණි මිල රුපියල් 210කි.
ඊට අමතරව දැවිතෙල් ලීටරයක මිල රුපියල් 38කින් පහත හෙළීමට පියවර ගෙන තිබෙනවා. ඒ අනුව රුපියල් 248ක්ව පැවති දැවිතෙල් ලීටරයක නව මිල රුපියල් 210ක් දක්වා අඩුවනු ඇති.







Leave a Reply