22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව සහ පක්ෂව ගොනු කර ඇති පෙත්සම් 40කට අධික සංඛ්‍යාව අද (01) පෙරවරු 10.00 සිට සලකා බැලීමට නියමිතව තිබෙනවා.
අගවිනිසුරු ප්රිති පද්මන් සුරසේන මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් අචල වෙන්ගප්පුලි, අර්ජුන ඔබේසේකර, සම්පත් අබේකෝන් සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් සලකා බැලෙනවා.
පසුගිය 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අදාළ පනත් කෙටුම්පත මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට සහ නීතියේ ආධිපත්‍යයට හානි වන බවත්, එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බැවින් සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් අවශ්‍ය බවත් සඳහන් කරමින් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.








Leave a Reply