පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා අද (31) උදෑසන ඔහු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
ජාතික ලොතරැයි මණ්ඩලයේ විශේෂ ව්‍යාපෘතියක් සඳහා බඳවාගත් සේවකයින් පස්දෙනෙකු සිය දේශපාලන කටයුතු සඳහා යොදවා රජයට පාඩු සිදුකළ බවට වන සිද්ධියකට අදාළව සිදුකෙරෙන විමර්ශනයක් සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.







Leave a Reply