නේපාලයේ ඇතිවී තිබෙන ගංවතුර තත්ත්වයෙන් විපතට පත් වූ ජනතාවට ආපදා සහන සැලසීම සඳහා ශ්‍රී ලංකා ආරක්ෂක අංශ සාමාජිකයින්ගෙන් සමන්විත විශේෂ සහන කණ්ඩායම් ඉදිරි දින කිහිපය තුළ නේපාලය බලා පිටත් කර හැරීමට සැලසුම් කර තිබෙනවා.
අනුරාධපුර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා මේ බව සඳහන් කළා.
නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ නේපාලයේ ආපදාවට ලක්වූ ප්‍රදේශවල සහන සේවා කටයුතු වෙනුවෙන් මෙරටින් යවන කණ්ඩායම් සක්‍රීයව දායක වන බවයි.
“නේපාලයේ වෙච්ච සිද්ධිය අවාසනාවන්ත සිද්ධියක්. ගරු ජනාධිපතිතුමා ශෝකයත් පළ කළා. ඒ වගේම රජයක් හැටියට මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියනයක සහනාධාර ලබාදීම සඳහා මූලික කටයුතු සිදු කරගෙන යනු ලබනවා.
ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශය සහන කණ්ඩායම් ජාතික ආපදා කළමනාකරණ සහන මධ්‍යස්ථානය තියෙනවා, ඒකෙන් සැලැසුම් කරගෙන යනවා එහෙ අවශ්‍යතාවයන්ට ලබාදීම සඳහා සහන කණ්ඩායම් මොන විදිහට ද යවන්නේ කියලා තාමත් සැලැසුම් කරගෙන යන්නේ, යවන භට පිරිස් ප්‍රමාණය නැත්නම් මොන විදිහේ සහන කණ්ඩායම් ද කියලා නැහැ.
හෙට අනිද්දා දිහාවට ඒ කටයුතු සලස්වන්න තමයි අපි රජයක් හැටියට ආණ්ඩුවක් හැටියට කටයුතු සම්පාදනය කරන්නේ, ඒ නිසා ළගම තියෙන, දකුණු ආසියානු රටක් හැටියට වශයෙන් අපි ඒ වගේම සංවේදීව කටයුතු කරනවා.”







Leave a Reply