සාරංග ප්‍රදීප් හෙවත් ‘වැල්ලේ සාරංග’ නැමැති සංවිධානාත්මක අපරාධකරු ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
සැකකරු පසුගියදා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලලිත් කන්නංගර හෙවත් ‘බස් ලලිත්’ නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා ගිය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ අධ්යක්ෂවරයා සහ බුද්ධි සේවා නිලධාරීන් ලබාදුන් තොරතුරකට අනුව ඩුබායි පොලීසිය විසිනි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී කොකේන් සහ ‘අයිස්’ මත්ද්‍රව්‍ය ද සොයාගෙන ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, සැකකාර ‘වැල්ලේ සාරංග’ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඩුබායි බලධාරීන් විසින් මේ වන තෙක් මෙරටට නිල වශයෙන් දැනුම් දී නොමැති බව ද වාර්තා වනවා.







Leave a Reply