Loading...

මන්ත්‍රී චමින්ද විජේසිරි ඇප මත මුදා හැරෙයි

පොලිස් නිලධාරීන් පිරිසකට පහරදී මරණ තර්ජනය කිරීමේ චෝදනාවට වරදකරු වී සිර දඬුවම් නියම වූ සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇප මත මුදා හැර තිබෙනවා.

දඬුවමට එරෙහිව සිය නීතිඥයන් මාර්ගයෙන් අභියාචනයක් ඉදිරිපත් කරමින් බදුල්ල මහාධිකරණයට යොමු කළ ඇප අයැදුම අද (24) සලකා බැලීමෙන් අනතුරුවයි මෙලෙස ඇප නියෝග කෙරුණේ.

ඒ අනුව, රුපියල් 50,000ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයාව මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

එමෙන්ම, අධිකරණයේ පූර්ව අවසරයකින් තොරව විදේශගත වීම තහනම් කරමින්ද අධිකරණය විසින් මෙහිදී නියෝගයක් නිකුත් කළා.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *