Loading...

බදුල්ලේ විශේෂඥ වෛද්‍යවරයා අතුරුදන් – කාර් එක මහියංගනයෙන් හමු වෙයි

බදුල්ල ශික්ෂණ රෝහලේ සේවය කළ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙකු අතුරුදන්ව ඇති බව පොලීසිය පවසනවා.

ඊයේ (23) උදෑසන කාලයේදී රෝහලේ රාජකාරි කටයුතුවල නිරතව සිටීමෙන් අනතුරුව මෙලෙස ඔහු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනවලදී මීගහකිවුල ප්‍රදේශයේ සවිකර තිබූ CCTV කැමරාවක සටහන්ව තිබී ඇත්තේ, වෛද්‍යවරයාගේ මෝටර් රථය මහියංගනය දෙසට ධාවනය වන ආකාරයයි.

ඒ ඔස්සේ සිදුකළ වැඩිදුර සෙවීම්වලදී බදුල්ල – මහියංගනය ඇල මාර්ගයේ 17 කනුව මාපාකඩවැව ප්‍රදේශයේ තිබී අදාළ මෝටර් රථය ඊයේ (23) රාත්‍රියේදී සොයාගැනීමට හැකිව තිබෙනවා.

අතුරුදන් වූ විශේෂඥ වෛද්‍යවරයා සොයා පොලීසිය, අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් (SOCO) සහ යුධ හමුදාව එක්ව අද (24) දිනයේ එම ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෙවුම් මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *