Loading...

විශාරද නන්දා මාලිනියගේ අභාවය වෙනුවෙන් ජනපති අනුරගෙන් සටහනක්

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලිනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය කණගාටුව පළ කරමින් විශේෂ ශෝක පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

සිය නිල ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ, තම කාලයේ සැබෑ සංගීත පුරාවෘත්තයක් වූ ඇයගේ අභාවය සම්බන්ධයෙන් තමන් අතිශයින් ශෝකයට පත්වන බවයි. විශේෂයෙන්ම දුෂ්කරම සමයක ඇය විසින් ඉටුකරන ලද යුග මෙහෙවර සදානුස්මරණීය බවද ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තැබූ ෆේස්බුක් සටහන පහතින්,

“වේලාසනින් අවදිව

දේශය අවදි කිරීමේලා

උස්ව හැඬවුණු

ඔබේ හඬ

ජනහද සමඟ ගැහුණු

ඔබේ ස්වර

දුෂ්කරම සමයක

යුග මෙහෙවර

සදානුස්මරණීයයි”


Spread the news
Tags

Leave a Reply

Your email address will not be published. Required fields are marked *